
ප්‍රධාන පුවත්
2026 යල වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක ඇස්තමේන්තුව සම්මතයි
වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 7,500ක්
2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ඉදිරිපත් කළ රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අනතුරුව එම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද දහවල් 12.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදය පැවැත්වුණු අතර, එහිදී එය සම්මත කර ගැනීමට පියවර ගෙන තිබේ.



