
සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දීප ව්‍යාප්ත වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් වැඩවර්ජනය නොවැම්බර් 09 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ, සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඒවාට නිසි විසඳුම් ලැබී නොමැති බවයි.
සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳන බවට පොරොන්දු ලබාදී වත්මන් ආණ්ඩුව බලයට පත්වූ නමුත්, එම පොරොන්දු ඉටු වී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
“සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳනවා කියලා සපත කරලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. සංවර්ධන නිලධාරීයෙකුට රාජකාරී ලැයිස්තුවක් නෑ.. නිශ්චිත උසස්වීම් ක්‍රමවේදයක් නෑ. ශ්‍රේණි අතර උසස්වීම අවුරුදු 10ක් තියෙනවා අධි ශ්‍රේණියක් නෑ. ඔවුන්ගේ පුහුණු කාලය අවුරුද්දක් තියෙනවා. නිත්‍ය සේවාවට එකතු කරලා නෑ. දැවැන්ත වැටුප් විශමතාවක් තියෙනවා. මේ ප්‍රශ්න එකකටවත් උත්තර නෑ.”
මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් නොවැම්බර් 09 වැනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.



