උණුසුම් පුවත්

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

අදාළ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button