ප්‍රධාන පුවත්

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට – මහ ලේකම්ගෙන් දැනුම්දීමක්

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා පහසුකම් සලසන ලෙස කළ ඉල්ලීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රතිචාර දක්වා තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

බන්ධනාගාර කොමසාරිස්වරයාට ලිපියක්

එම ඉල්ලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එහිදී නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දී තිබේ.

හෙට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button