ප්‍රධාන පුවත්

ලං. වි .ම. සේවකයින්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සියලු සේවකයින් සඳහා සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ විදුලිබල මණ්ඩලය අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙසිනි.

ඒ අනුව අදාළ වැටුප් සංශෝධනය 2025 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන බව සඳහන් වෙයි.

මෙම වැඩිවීමත් සමඟ දිගු කාලයක් පුරා පැවති වැටුප් විෂමතා සාර්ථකව විසඳා ගැනීමට හැකිව ඇති බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button