
උණුසුම් පුවත්
ත්‍රිකුණාමලය – මුලතිව් මුහුදු ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්
January 31, 2026
ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර පිහිටි මුහුදු ප්‍රදේශයේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ, මැග්නිටියුඩ් ඒකක 3.5ක් ලෙස මෙම භූ කම්පනය සටහන් වී ඇති බවයි. අද පස්වරු 3.49ට මෙම භූකම්පනය සිදු වී ඇති අතර, එය ආසන්න ගොඩබිම් ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ද දැනී ඇති බව වාර්තා වේ.



