
ප්‍රධාන පුවත්
මාඔයේ අනතුරින් සිව්දෙනෙකු අතුරුදන්
මාඔයේ අනතුරින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. දිවුලපිටිය, බඩල්ගම, පේරගස්මංකඩ ප්‍රදේශයේදී අද (19) පස්වරු 2.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙකු මාඔයේ දිය නෑම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, ඉන් සිව්දෙනෙකු අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිට ඇති බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී එක් තරුණියක් දියේ ගිලී ඇති අතර, ඇය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී තවත් තිදෙනෙකුද දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන් වූ තරුණියන් තිදෙනා සහ තරුණයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.
අනතුරට ලක්වූ පිරිස වයස අවුරුදු 20ත් 25ත් අතර පසුවන බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
ඔවුන් බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පිරිසක් බවද වැඩිදුරටත් වාර්තා වේ.



