ප්‍රධාන පුවත්

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යන්න ගිය 13ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සාහයක්

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 13දෙනෙකු කංකසන්තුරය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පිරිස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාව බලා යාමට උත්සාහ කර ඇති අතර, ඉන්දීය රේගු නිලධාරීන් විසින් ඔවුන් නැවත මෙරටට හරවා එවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය රේගුවෙන් යළි මෙරටට

ඉන්දීය රේගු නිලධාරීන් විසින් හරවා එවීමෙන් අනතුරුව මෙරටට පැමිණි එම පිරිස ඊයේ (06) දිනයේදී කංකසන්තුරය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ප්‍රදේශ රැසක පදිංචිකරුවන්

අත්අඩංගුවට ගත් පිරිස කරුන්කොඩිත්තිව්, මාම්පිටිය, මැදවච්චිය, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොනරාගල, මාවඩිච්චේනෙයි, බලංගොඩ, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පොතුවිල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

අද අධිකරණයට

සැකකරුවන් මේ වනවිට කංකසන්තුරය පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, ඔවුන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button