
අගමැතිනිය – වියට්නාම ජනපති ද්වීපාර්ශ්වික සාකච්ඡා
ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ද්වීපාර්ශ්වික හමුවක් අද (08) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.
අග්‍රාමාත්‍යවරිය විසින් වියට්නාම ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව කෘතඥතාව පළ කළාය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 56ක් සපිරෙන පසුබිමක මෙම සංචාරය සිදුවන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ටෝ ලාම් මහතාගේ මෙරට සංචාරය දෙරට අතර පවතින මිත්‍රත්වය, විශ්වාසය සහ ශක්තිමත් හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කරන අවස්ථාවක් බවද ඇය පැවසුවාය.
එමෙන්ම, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වැඩිදියුණු කිරීම හා විවිධාංගීකරණය කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.



