කාලගුණය

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, අද (30) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවයි.

ඒ අනුව, ඌව පළාතේ ඇතැම් ප්‍රදේශවලටත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ලැබීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ අනෙක් ප්‍රදේශවල පස්වරු 2.00 පසු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button