
Gastritis වලට සාර්ථක ප්රතිකාරයක්
“බඩ පපුව පිච්චෙනවා, දැවිල්ලයි…”
(Gastritis) කියන්නේ අද කාලේ පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා වෙනකම් හැමෝටම තියෙන වදයක්. ඒ වගේම මත්පැන් පානය නිසා අක්මාවට හානි කරගත්ත අයටත් මේ දිනවල ලොකු පීඩනයක් තියෙනවා. මේ ප්රශ්න දෙකටම ගෙදරදීම විසඳුමක් දෙන්න පුළුවන් බලගතුම ශාකය තමයි “කෝමාරිකා” කියලා කියන්නෙ.
බඩේ ගින්න නිවන “ෆෝම්” එක (Natural Fire Extinguisher): කෝමාරිකා ජෙල් එක හරියට ආමාශයේ තුවාල උඩට දාන සිසිල් ආලේපනයක් වගේ ක්රියා කරනවා. ආමාශයේ ආම්ලිකතාවය (Acidity) අඩු කරලා, තුවාල වී ඇති බිත්ති (Lining) ඉතා ඉක්මනින් සුවපත් කරනවා. ගැස්ට්රයිටිස් නිසා එන දැවිල්ල විනාඩි කිහිපයකින් නැති කරන්න මේකට පුළුවන්.
අක්මාවට පුනර්ජීවනය (Liver Detox) මත්පැන් නිසා විජලනය වූ සහ විෂ පිරුණු අක්මාව පිරිසිදු කරන්න කෝමාරිකා වලට පුළුවන්. මෙහි ඇති අධික ජල ප්රතිශතය සහ “ෆයිටෝනියුට්රියන්ට්ස්” මගින් අක්මා සෛල වලට සිසිලසක් ලබා දෙනවා.
පරිස්සමෙන් හදාගන්න ඕනේ මෙහෙමයි:
කෝමාරිකා කපද්දී එන කහ පාට දියරය (Aloin) ශරීරයට අහිතකරයි (බඩ එළිය යනවා). ඒ නිසා මේ විදියට කරන්න:
හොඳින් මේරූ කෝමාරිකා පිත්තක් කපාගන්න.
එහි පොත්ත ඉවත් කර, ඇතුලේ ඇති ජෙල් කොටස (මදය) පමණක් ගන්න.
මේ මදය වතුරෙන් 7 වතාවක්වත් හොඳින් හෝදන්න. (ලොදියේ ඇති ලිස්සන ගතිය සහ කහ ගතිය යනකම්).
දැන් පිරිසිදු වීදුරු පාට කෑලි ටිකක් ඉතුරු වෙයි.
කන විදිය: මේ කෑලි ටික උදේට හිස්බඩ නිකන්ම කන්න පුළුවන්. නැත්නම් වතුර චුට්ටක්, සීනි හෝ මී පැණි ටිකක් දාලා ජූස් එකක් වගේ බොන්න.
බඩේ ගින්න නිවාගන්න පෙති බොනවට වඩා මේ ස්වභාවික සිසිලස අත්විඳලා බලන්න.



