
උණුසුම් පුවත්
දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2022 වසරේ අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම තීන්දුවෙන් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අනුරුද්ධ බණ්ඩාර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවය.



