
ලාෆ්ස් ගෑස් හිඟයක්ද? සැපයුම පිළිබඳ සමාගමෙන් නිල නිවේදනය
වෙළෙඳපොළ තුළ Laugfs Gas සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩර හිඟයක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සමාගම නිල නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය අනුව, ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුමට තාවකාලික බාධා ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවකින් යුත් එල් පී ගෑස් ආනයන–අපනයන ගබඩා පර්යන්තය දේශීය බෙදාහැරීම සඳහා භාවිතා කිරීමට ඇති රෙගුලාසිමය සීමා බවයි.
එම ගබඩා පහසුකම දේශීය සැපයුම් ක්‍රියාවලියට කඩිනමින් යොදා ගැනීමට අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව සමාගම වැඩිදුරටත් පවසයි.
මේ අතර, දේශීය ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සෘජුවම ගෑස් තොග ආනයනය කර ඒවා කොළඹ වරාය හරහා මෙරටට ගෙන්වීමට සැලසුම් සකස් කර ඇති බවද සඳහන් වේ.
එම ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් පිරවුම් පර්යන්තය තුළ සිලින්ඩරගත කිරීම සිදු කර දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට සියලු සූදානම් කර ඇති බවද නිවේදනයේ දැක්වේ.
මෙරට තුළ අඛණ්ඩ එල් පී ගෑස් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව Laugfs Gas මහජනතාවට දැනුම් දෙයි.



