
ක්‍රීඩා
සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවටත් කඩුලු 6ක පරාජයක්
අද (19) පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට සිදුවිය.
ඒ අනූව මෙම පරාජයත් සමග තරගාවලියේ මෙතෙක් අපරාජිත බව රැකගෙන සිටි ශ්‍රී ලංකාවේ එම ගෞරවය බැඳ වැටූ අතර, සිම්බාබ්වේ තවදුරටත් අපරාජිත බව රැකගත්තේය.
මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අතර තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 179ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේ දී (19.3) පසුකර යෑමට සිම්බාබ්වේ සමත් විය.



