උණුසුම් පුවත්

ප්ලේන් ටී සහ කිරි තේ මිල ගනන් පහලට

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීම සැලකිල්ලට ගනිමින් ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, ආපනශාලා සහ අවන්හල්වල අලෙවි කරන ප්ලේන් ටී සහ කිරි තේ සඳහා අය කරන මිල ගණන් රුපියල් 5කින් පහළ යනු ඇත.

සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, අමුද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් අඩු වන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button