ප්‍රධාන පුවත්

RMV හිටපු නිලධාරියෙකු අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී

RMV හිටපු නිලධාරියෙකු නීතිවිරෝධී ලෙස ආනයනය කළ මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ එහි පළමු පැවරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලට අනුව, ශ්‍රී ලංකා රේගුවේ නිසි නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට අදාළව සැකකරු කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, එම වාහනයේ පළමු හිමිකම් පැවරීම සඳහා කවුළු අංකයක් නිකුත් කර එම තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සඳහාද කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු වන විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැත්තා වන අතර, ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button