ප්‍රධාන පුවත්

බටහිර ආසියානු සටන් විරාමයට ශ්‍රී ලංකාවේ ප්‍රසාදය – සාම සාකච්ඡා සඳහාද සහාය

බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර ඇත. එමෙන්ම, එම සටන් විරාමය සම්බන්ධයෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහාද ශ්‍රී ලංකාව සහාය දක්වන බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම පියවර කලාපයේ පවතින උත්සන්න ආතතීන් අවම කිරීම සඳහා ගත් වැදගත් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකා රජය හඳුන්වා දී තිබේ. එය කලාපීය නොසන්සුන්තාවය සමනය කර ජනතාවට මුහුණ දෙන දුෂ්කරතා ලිහිල් කිරීමට උපකාරී වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද, කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුවෙන් සාම ක්‍රියාවලියක් වෙත පිවිස, ස්ථීර හා කල්පවතින විසඳුමක් සොයාගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button