
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයට හදිසි විසඳුම් ඉල්ලයි
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් කැඳවන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අද (22) පස්වරුවේ කථානායකවරයා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇති අතර රටට පැහැදිලි ආර්ථික සැලැස්මක් හෝ නිශ්චිත පිළිතුරු නොමැති බවයි.
තවද, අනෙකුත් පක්ෂ නායකයින් සමඟ එක්ව කථානායකවරයා හමුවී වත්මන් අර්බුදය පිළිබඳ හදිසි විවාදයක් ඉල්ලා සිටි බවත්, තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර ජනතාව වෙනුවෙන් අවංක හා ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.



