ප්‍රධාන පුවත්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් රැස් වී තිබේ.

ඒ, ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීය.

මෙහිදී වැවිලි, කෘෂිකර්ම, වනජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන ක්ෂේත්‍රවලින් ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරී සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මේ අතර, වියළි කාලගුණික තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති මඩකලපුව, මොනරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාව සඳහා අවශ්‍ය පානීය ජලය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, පානීය ජලය බෙදාහැරීමේ වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත් කමිටුව තීරණය කර ඇත.

වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහළ යාමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර තිබේ.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, එම බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා වී ඇත.

එමෙන්ම, එල්-නිනෝ තත්ත්වයේ නවතම තොරතුරු පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button