
ඩෙංගු මරණ 64ක් දක්වා ඉහළට, වසරේ මේවනවිට රෝගීන් සංඛ්‍යාව 89,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇත.
එම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.94%ක්, එනම් රෝගීන් 47,136 දෙනෙකුම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහි රෝගීන් 18,922 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය සමස්ත රෝගීන්ගෙන් 21.25%කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,679 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය 19.86%කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය 7.07%ක් වේ.
මේ අතර, කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වී තිබේ.
එමෙන්ම, මෙම වසරේ මාසිකව සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 29,973කි.
අගෝස්තු මාසයේ ගත වූ පළමු දින 7 තුළ පමණක් ඩෙංගු රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.



