
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර ශාඛාව හෙට ඇරඹෙයි
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට (09) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම සංගමය පවසයි.
දිවයිනේ වැඩිම ඛනිජ තෙල් බෙදුම්කරුවන් පිරිසක් බස්නාහිර පළාත නියෝජනය කරන බැවින්, එම පළාත සඳහා ශාඛාවක් කඩිනමින් පිහිටුවීමට තීරණය කළ බවද සංගමය සඳහන් කරයි.
තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙතෙක් සාධාරණ විසඳුම් ලැබී නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අරමුණින් බස්නාහිර පළාත් ශාඛාව පිහිටුවීමට කටයුතු කරන බවද සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්ක හැර දිවයිනේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛා පිහිටුවා ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉදිරියේදී කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්ද ප්‍රාදේශීය ශාඛා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.



