
දෛනික විදුලි ඉල්ලුම පහළට
අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා කාලය තුළ දෛනික විදුලි ඉල්ලුම ක්රමයෙන් අඩුවී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
වාර්තාවට අනුව, අගෝස්තු 31 වැනිදා මෙගාවොට් 2,947ක් වූ දෛනික විදුලිය ඉල්ලුම සැප්තැම්බර් 01 වැනිදා වනවිට මෙගාවොට් 2,936ක් දක්වා අඩුවී තිබේ.
සැප්තැම්බර් 02 වැනිදා එය තවදුරටත් පහළ ගොස් මෙගාවොට් 2,934ක් ලෙස සටහන්ව ඇති අතර, සැප්තැම්බර් 03 වැනිදා දෛනික විදුලිය ඉල්ලුම මෙගාවොට් 2,920ක් දක්වා අඩුවී ඇත.
මේ අතර, එම කාලය තුළ දෛනික විදුලිය උත්පාදනය ඉහළ මට්ටමක පැවති බවද මහ බැංකු වාර්තාව සඳහන් කරයි.
අගෝස්තු 31 වැනිදා ගිගාවොට් පැය 57.24ක විදුලිය උත්පාදනය කර ඇති අතර, සැප්තැම්බර් 01 වැනිදා එය ගිගාවොට් පැය 58.37ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් 02 සහ 03 වැනිදා දිනවලදී පිළිවෙළින් ගිගාවොට් පැය 58.34ක් සහ 58.08ක් ලෙස විදුලිය උත්පාදනය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.



