
ව්‍යාපාරික
මහ බැංකුව ඩොලර් මිලියන 579ක් මිලදී ගනී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අගෝස්තු මාසය තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 579ක් මිලදී ගෙන තිබේ.
මහ බැංකුව ඩොලර් මිලදී ගැනීමෙන් සංචිත ශක්තිමත් වෙයි
මහ බැංකුවේ නවතම ආර්ථික දර්ශකවලට අනුව, මෙම මිලදී ගැනීම් හරහා මෙරට නිල විදේශ විනිමය සංචිත තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවී ඇත.
මේ අතර, 2026 ජූලි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.6ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක්
එමෙන්ම, 2026 අප්‍රේල් මාසය අවසන් වනවිට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.53ක් බව සඳහන් වේ.
එහිදී රුපියල් ට්‍රිලියන 18.85ක ප්‍රමාණයක් දේශීය ණය ලෙසත්, රුපියල් ට්‍රිලියන 11.68ක් විදේශීය ණය ලෙසත් වාර්තා වී තිබේ.



