ප්‍රධාන පුවත්

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද සිට

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අද (01) සිට ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙයි.

එහි සමාරම්භක අවස්ථාව අද ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

නව ක්‍රමය හරහා රේගු නිශ්කාෂණ කටයුතු වඩාත් වේගවත්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.

ඒ අනුව අද සිට සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් රේගු ප්‍රකාශන මෙන්ම අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සනක් සහිතව ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

පැරණි ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කරන රේගු ප්‍රකාශන අද සිට භාර නොගැනීමටද තීරණය කර තිබේ.

ඩිජිටල් අත්සන යෙදීමෙන් අනතුරුව සිදුකරන වෙනස්කම් පද්ධතිය හරහා හඳුනාගත හැකි බැවින්, වංචා සහ දූෂණ සඳහා ඇති ඉඩකඩ අවම කිරීමද මෙම නව ක්‍රමවේදයේ එක් ප්‍රධාන අරමුණක් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button