
පානදුර හෝටලයකින් පරිගණක 23ක් පොලිස් භාරයට – චීන ජාතිකයන් 32ක් ගැන විමර්ශන
පානදුර හෝටලයකින් පරිගණක 23ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ, අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු සහ මූල්‍ය වංචා සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.
පානදුර හෝටලයකින් පරිගණක 23ක් සමඟ චීන ජාතිකයන් 32ක් ගැන විමර්ශන
පානදුර දකුණ පොලිස් වසමට අයත් නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුම පවත්වා තිබේ. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (07) සහ පෙරේදා යන දිනවල මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇත.
මෙම විශේෂ මෙහෙයුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, අපරාධ වාර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලබාගෙන තිබේ.
අදාළ හෝටලයේ රැඳී සිටි චීන ජාතිකයන් 32 දෙනෙකු කිසියම් අපරාධයකට සම්බන්ධ වී ඇත්ද යන්න සොයා බැලීම සඳහා ඔවුන් සතුව තිබූ පරිගණක 23ක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
එම උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.



