
සෞඛ්‍යය
ඩෙංගු රෝගීන් 57,000 පසුකරයි
මෙම වසර තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම දත්ත අනුව මේ වන විට ඩෙංගු ආශ්රිත මරණ සංඛ්‍යාව 35ක් ලෙස වාර්තා වී තිබේ.
එසේම, පසුගිය පැය 24 තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,253 දෙනෙකු හඳුනාගෙන ඇති බවද එම ඒකකය සඳහන් කළේය.
දිස්ත්‍රික්ක අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 11,811කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 11,443ක් වාර්තා වී ඇති බව නිවේදනයේ දැක්වේ.



