කාලගුණය

අද දහවල් 12.13ට සූර්යා මුදුන් වන ප්‍රදේශ ගැන අනාවරණයක් : වැසි සහ උණුසුම් කාලගුණයට අවවාද

දිවයින පුරා මේ වනවිට අන්තර් මෝසම් වර්ෂා තත්ත්වයක් ක්‍රියාත්මක වන අතර, අද (05) දිනයේද පස්වරු 2න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මෙම වර්ෂා තත්ත්වය බලපානු ඇත.

එසේම අද දිනයේදී දහවල් 12.13ට දොඩන්දූව, රත්ගම, යක්කලමුල්ල, අකුරැස්ස, මුල්කිරිගල, රන්න, කළමැටිය සහ උස්සන්ගොඩ යන ප්‍රදේශවලට සූර්යා මුදුන්ව පවතින බව ද ඔහු පැහැදිලි කළේය. මෙම තත්ත්වය අද සිට ලබන 15 වැනිදා දක්වා දිවයින පුරා විවිධ ප්‍රදේශවලට අදාළව සිදුවනු ඇත.

තවද, ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අතර, මධ්‍යම පළාත සහ බදුල්ල දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශවලට විශේෂ අවධානය යොමු කළ යුතු බව ද සඳහන් වේ.

වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලිකව උණුසුම අඩුවුවද, උදෑසන සහ දහවල් කාලවල උණුසුම් තත්ත්වය තවදුරටත් බලපානු ඇත. මෙම තත්ත්වය නිරිත දිග මෝසම් කාලය ආරම්භ වන මැයි මාසයේ මුල් සතිය අවසන් වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button