
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ නිහඬ විරෝධය හෙට – තෙල් සැපයුම් හා ලාභ ගැටලුව උනුසුම් වේ
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට (06) පෙරවරු 9.30ට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ඉන්ධන බෙදාහැරීමේදී ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමවේදයන් හේතුවෙන් පිරවුම්හල් සේවකයින් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බවයි.
තවද, ඉන්ධන මිල සූත්‍රය යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අනෙකුත් මෙහෙයුම් ආයතන 6%ක ලාභයක් ලබා ගන්නා අතර, පිරවුම්හල් සඳහා නියමිත 3%ක ලාභාංශය නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ සමඟම, ඇණවුම් කළ ඩීසල් සහ පෙට්‍රල් නියමිත ප්‍රමාණයෙන් සහ කාලයට අනුව නොලැබීම නිසා පිරවුම්හල් පවත්වාගෙන යාමට ද ගැටලු ඇතිවී ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ගැටලු සඳහා විසඳුම් ඉල්ලා මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබේ.



