
ඉරානයේදී කඩා වැටුණු F-15E යානයේ අතුරුදන් වූ අමෙරිකානු නියමුවා බේරාගනී – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඉරානයේදී වෙඩි තබා බිම හෙළන ලද අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක සිටි අතුරුදන් වූ නියමුවා සාර්ථකව මුදාගෙන ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබේ.
පසුගිය සිකුරාදා F-15E Strike Eagle වර්ගයේ යානයක් කඩා වැටීමෙන් අනතුරුව, අමෙරිකානු හමුදාව විසින් කඩිනමින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම අතරතුර දරුණු වෙඩි හුවමාරු සිදුවූ බව වාර්තා වේ.
මෙම කාලය තුළ ඉරානය විසින් ද නිවේදනය කර තිබුණේ සතුරු ගුවන් නියමුවා භාර දෙන අයෙකුට ත්‍යාගයක් පිරිනමන බවයි.
මුදාගත් නියමුවා තුවාල ලැබී සිටියද, ඔහු ඉක්මනින් සුවය ලබනු ඇති බව ට්‍රම්ප් සඳහන් කර ඇත. ඔහු ඉරානයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක සිටින අවස්ථාවක හඳුනාගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
මෙහෙයුම සඳහා ගුවන් යානා කිහිපයක්ම යොදාගෙන ඇති අතර, ගතවූ පැය 24 පුරා අමෙරිකානු හමුදාව නියමුවාගේ පිහිටීම නිරීක්ෂණය කරමින් සිටි බව ද වාර්තා වේ.
පෙබරවාරි මාසයේ අගභාගයේදී ආරම්භ වූ ගැටුමෙන් පසු, ඉරාන භූමියට කඩා වැටුණු පළමු අමෙරිකානු ගුවන් යානය මෙය බවද සඳහන් වේ.



