ප්‍රධාන පුවත්

IMF ප්‍රධානියා හා මහ බැංකු අධිපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා සිය කෘතඥතාව පළ කළ බවයි. එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ලබාදුන් ක්‍රියාකාරී සහය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මේ වන විට පෙන්නුම් කරන කාර්ය සාධනය සාර්ථක බව කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබේ. ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේදී මහ බැංකුව ඉටු කළ කාර්යභාරය පිළිබඳවද ඇය ප්‍රසාදය පළ කර ඇත.

අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය තිරසාර මාර්ගයකට යොමු කළහොත් ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවද කළමනාකාර අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button