
ID කාර්යාල නමින් සිදු වන වංචාවක්: ව්‍යාජ ඇමතුම් සහ වෙබ් අඩවි පිළිබඳ ජනතාවට අවවාද
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නාමය භාවිත කරමින් මූල්‍ය වංචා සිදු කරමින් පෞද්ගලික තොරතුරු සොරාගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 011 52 26 126, +94 11 52 26 126, 077 11 67 739 සහ 074 27 56 098 යන දුරකථන අංක භාවිත කරමින් මෙම වංචනික ක්‍රියා සිදුකරන බව වාර්තා වී ඇත.
මෙම පුද්ගලයින් රාජ්‍ය ලාංඡනය ද භාවිත කරමින් ව්‍යාජ ජංගම යෙදවුමක් සකස් කර, ඩිජිටල් හෝ ඊ-ජාතික හැඳුනුම්පත් සඳහා ලියාපදිංචි කරන බව කියමින් ජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටින බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, එවැනි කිසිදු ලියාපදිංචි ක්‍රියාවලියක් මේ වන විට තම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර නොමැති බව ඔවුන් අවධාරණය කරයි.
ඒ අනුව, මෙවැනි දුරකථන ඇමතුම් හරහා පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, https://drpgov-lk.com යන ව්‍යාජ වෙබ් අඩවිය හරහා තොරතුරු ලබාගැනීමට උත්සාහ කළහොත්ද එයට ප්‍රතිචාර නොදෙන ලෙස අවවාද කර ඇත.
තවද, ඊ-ජාතික හැඳුනුම්පත් හෝ ඩිජිටල් හැඳුනුම්පත් සඳහා මේ වන තෙක් කිසිදු නිල ලියාපදිංචියක් ආරම්භ කර නොමැති බැවින්, එවැනි වංචනික ක්‍රියාකාරකම්වලින් සැලකිලිමත් වන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.



