
කොළඹ වරායට තවත් ඉන්ධන නෞකාවක් – පෙට්‍රල්, ඩීසල් හා සුපිරි ඩීසල් MT 37,800ක් රැගෙන පැමිණේ
මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති ගෝලීය බලශක්ති අර්බුදය අතරතුර ශ්‍රී ලංකාව විසින් ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පවසන්නේ හොංකොං රාජ්‍යයට අයත් Seafrontier නමින් හැඳින්වෙන ඉන්ධන නෞකාව මෙලෙස කොළඹ වරායට පැමිණ ඇති බවයි.
එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන තොගය අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑමට කටයුතු කර ඇති අතර, ඉතිරි කොටස අද පස්වරුවේ කොළඹ වරායේ ඩොල්පින් ජැටිය වෙත ගෙනවිත් එතැනින් කොලොන්නාව ඉන්ධන ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම නෞකාව මගින් 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක් මෙරටට රැගෙනවිත් ඇති බව ද වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



