
ප්‍රධාන පුවත්
ජූලි 1ට පෙර සියලු පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යවේ
මේ වසරේ ජූලි 1 වැනිදාට පෙර දිවයින පුරා ක්‍රියාත්මක වන සියලු පෙරපාසල් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කර තිබේ.
ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේදී නව පෙරපාසලක් ආරම්භ කිරීමට පෙරද අදාළ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම අනිවාර්ය වන බවයි.
පෙරපාසල් අධ්‍යාපනය අමාත්‍යංශයේ විෂය පථය යටතේ ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
අදාළ වැඩපිළිවෙළ හරහා පෙරපාසල් පද්ධතිය නියාමනය කර දරුවන්ට ගුණාත්මක පූර්ව ළමා අධ්‍යාපනයක් ලබාදීම අරමුණ බවද වැඩිදුරටත් සඳහන් වේ.



