සෞඛ්‍යය

1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ඇරඹීමට සැලසුම්

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් 1990 සුවසැරියෙන් යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අධික රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශවල මෙන්ම මාර්ග අවහිරතා ඇති ස්ථානවලද ගිලන් රථයක් පැමිණීමට පෙර රෝගියා වෙත කඩිනමින් ළඟා වී මූලික වෛද්‍ය ප්‍රතිකාර සහ ප්‍රථමාධාර ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සුවසැරිය පදනම සඳහන් කරයි.

මෙම සේවාව සඳහා විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිත අතර, මූලික ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණවලින් සමන්විත යතුරුපැදි භාවිතයට ගැනීමටද සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වසර අවසන් වීමට පෙර එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button