
බස්නාහිරට මි.මී. 50ට වැඩි වැසි – කාලගුණ අනාවැකිය
අද බස්නාහිරට මි.මී. 50ට වැඩි වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි තත්ත්වය පවතිනු ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට මෙන්ම රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටද පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකිය.
මේ අතර හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන අතර, නිරිත දෙසින් හමන සුළං සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් පවතී.
හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, කල්පිටිය සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බවත්, මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්වා සහ කල්පිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



