
තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 626,000ක් වැරදි පාර්ශ්වයකට
මෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් සේවයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් අවස්ථා දෙකකදී වැරදි පාර්ශ්වයකට යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
CID නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ව්‍යාජ ඊමේල් 3ක් මගින් ලැබුණු තොරතුරු මත මෙම ගෙවීම් සිදුකර ඇති බවය.
විමර්ශන අනුව, 2025 පෙබරවාරි 19 දින අමෙරිකානු ඩොලර් 435,864ක් සහ 2025 ඔක්තෝබර් 16 දින ඩොලර් 190,891ක් ලෙස මුදල් දෙවරක් බැහැර කර ඇත.
මෙම ගෙවීම් සම්බන්ධ නිල සන්නිවේදන සිදුකළ යුත්තේ විශ්ව තැපැල් සංගමය හරහා වුවද, මෙහිදී වෙනත් ඊමේල් ලිපිනයක් සමඟ පණිවිඩ හුවමාරු වී ඇති බවද අනාවරණය වී තිබේ.
අදාළ මුදල් ලැබූ පුද්ගලයා හෝ පාර්ශ්වය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත යටතේ වරදක් සිදුව ඇති බවට මූලිකව තොරතුරු අනාවරණය වී ඇත.
මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අධිකරණය අවසර ලබාදී ඇති අතර නඩුව ජූලි 22 දින යළි කැඳවීමට නියමිතය.



