ප්‍රධාන පුවත්

ශිරන්ති රාජපක්ෂ මහත්මිය නවලෝක පෞද්ගලික රෝහලට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය  නවලෝක පෞද්ගලික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබේ.

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබූ අතර, එම අවස්ථාවේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී මූලික ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා නවලෝක රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button