ප්‍රධාන පුවත්

QR ගැටලුව විසඳන අලුත්ම ක්‍රමය

 

බොහෝ දෙනෙකුට ගැටලුවක්ව පවතින ඉන්දන කේතය ලබාගැනීමට රජය විසින් නව විකල්ප ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

 

ඒ අනූව වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා පෙර ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත යලි ලබාගැනීම සඳහා අද (19) දින සිට මෙම නව ක්‍රමවේදය ඔස්සේ හැකියාව පවතිනවා.

නව ක්‍රමවේදයට අනූව මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහනවල ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය යලි ලබාගැනීමේදී, අදාල ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් ජනතාව මුහුණ දුන් අපහසුතා මඟහරවා ගැනීමට අද දින සිට මෙම නව විශේෂාංගය පද්ධතියට එක් කර ඇත..

 

• ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකිය.

• වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි වී තිබුණද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකිය.

• ⁠ඔබ ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වෙයි.

 

අදාල ක්‍රියාවලියේදී පවතින ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචිය අවලංගු වන බැවින්, මීට පෙර පරිශීලනය කල පාපාර්ශ්වයන්ට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වන අතර මෙම පහසුකම මඟින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශ්වයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබාගැනීමට හැකියාව ලැබේ.

 

ඒ අනූව තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති අන් පුද්ගලයෙකු සතු වාහන ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කළ වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන කරයි.

 

ලියාපදිංචිය සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://fuelpass.gov.lk/

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button