
ප්‍රධාන පුවත්
මහනුවර සහ නුවරඑළිය පාසල් හෙට සිට යළි විවෘතයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මහනුවර සහ නුවරඑළිය පාසල් හෙට (05) සිට යළි විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් පසුගියදා අඛණ්ඩ වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
පාසල් සිසුන්ගේ සහ ගුරුභවතුන්ගේ ආරක්ෂාව ප්රමුඛ කරගනිමින්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත එම තීරණය ක්‍රියාත්මක කර තිබූ අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.



