
තලවකැලේදී වාහන 28ක් ධාවනයෙන් ඉවතට
තලවකැලේ ප්රදේශය හරහා ධාවනය වූ වාහන අතරින් වාහන 28ක් ධාවනයෙන් ඉවතට දැමීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
නුවරඑළිය පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂකවරුන් එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබේ.
එහිදී තලවකැලේ ප්රදේශය හරහා ධාවනය වූ බස් රථ, මෝටර් රථ, යතුරුපැදි, වෑන් රථ සහ ලොරි ඇතුළු වාහන 40ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒවා ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
විවිධ අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන 28ක් ධාවනයෙන් ඉවතට දැමීමට එහිදී කටයුතු කර ඇති අතර, එම වාහනවල ආදායම් බලපත්රද මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබේ.
රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම වාහන පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී පෞද්ගලික බස් රථ 4ක් සහ ත්රීරෝද රථ 15ක් ඇතුළු වාහන 28ක් ධාවනයෙන් ඉවත් කර ඇත.
පරීක්ෂාවේදී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කර නැවත පරීක්ෂාවකට ඉදිරිපත් කරන තෙක් අදාළ වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.



