
මැයි මාසයටත් අඛණ්ඩ ගෑස් සැපයුමක් – ලිට්රෝ සමාගමෙන් සහතිකයක්
මැයි මාසය තුළද ගෑස් හිඟයකින් තොරව අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
සමාගම සඳහන් කළේ, අප්‍රේල් මාසය සඳහා මෙට්‍රික්ටොන් 20,500ක ගෑස් තොගයක් මේ වනවිටත් දිවයිනට ලැබී ඇති බවයි. එමෙන්ම තවත් මෙට්‍රික්ටොන් 17,500ක තොගයක් ඉදිරියේදී ලැබීමට නියමිත බව ද පැවසේ.
මෙම ගෑස් තොග මාලදිවයිනේ පාවෙන ගබඩා පහසුකම් තුළ ගබඩා කර ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම, මෙට්‍රික්ටොන් 20,000ක ගෑස් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ගමන් කරමින් පවතින බව ද වාර්තා වේ.
උත්සව සමය තුළ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ප්‍රමාණයන් වෙළඳපොළට නිකුත් කළ බව ලිට්රෝ සමාගම පෙන්වා දෙයි.
උත්සව සමයෙන් පසුවද ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්, අප්‍රේල් 16 වනදා සිට සාමාන්‍ය පරිදි ගෑස් පිරවීම් සහ බෙදාහැරීම් කටයුතු යළි ආරම්භ කර ඇති බවත් සමාගම සඳහන් කරයි.



