උණුසුම් පුවත්

විදුලි ගාස්තු ඉහළට – සිව්වන කාර්තුවට 1.46%ක වැඩිවීමක්?

විදුලි ගාස්තු ඉහළට නැංවීම සම්බන්ධයෙන් 2026 වසරේ සිව්වන කාර්තුව සඳහා නව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර ඇත.

විදුලි ගාස්තු ඉහළට නැංවීමේ යෝජනාව 1.46% දක්වා අඩු කරයි

මෙම කාර්තුවට අදාළව ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් මුලින් යෝජනා කර තිබුණේ විදුලි ගාස්තු 2.88%කින් වැඩි කිරීමටය. කෙසේ වෙතත්, එම යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව වැඩිවීමේ ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

කෙසේ වුවද, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැත. ඒ පිළිබඳ මහජන අදහස් විමසීමේ උපදේශනය හෙට (05) පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එම මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී ලියාපදිංචි විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button