
2026-2027 සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත්
2026-2027 වාර්ෂික කොන්ත්‍රාත් කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 46 දෙනෙකු තෝරාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (02) නිකුත් කළ නිවේදනයකට අනුව, අදාළ කොන්ත්‍රාත් 2026 අප්‍රේල් 1 සිට 2027 මාර්තු 31 දක්වා බලපැවැත්වේ.
මෙම ක්‍රීඩකයින් A1, A2, B1, B2, C1 සහ මධ්‍යම ගිවිසුම් (Central Contract) යන කාණ්ඩ 6 යටතේ වර්ගීකරණය කර ඇති අතර, ක්‍රීඩකයින්ගේ දක්ෂතා සහ ජාතික කණ්ඩායම්වල අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් එම වර්ගීකරණය සිදුකර ඇති බව සඳහන්ය.
තේරීම් සිදු කිරීමේදී පසුගිය තරග වාරවල දස්කම්, ක්‍රීඩා ස්ථාවරත්වය, ශාරීරික හා මානසික යෝග්‍යතාව, අනාගත හැකියාවන් සහ කණ්ඩායම්වල උපායමාර්ගික අවශ්‍යතා වැනි කරුණු ප්‍රධාන නිර්ණායක ලෙස සලකා බැලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තේරී පත් වූ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කාර්ය සාධනය සඳහා අවශ්‍ය පහසුකම්, සම්පත් සහ වෘත්තීයමය පසුබිම සැපයීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර, එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන සංවර්ධනය ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.



