ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල රු. 336.60 දක්වා ඉහළට

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද (02) දිනයේදී ශ්‍රී ලංකා රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල රුපියල් 336.60ක් ලෙස දක්වා තිබේ.

ඊට පෙර දින වූ ජූනි 01 වැනිදා නිකුත් කළ විනිමය අනුපාතික අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙසත් වාර්තා වී තිබුණි.

ඒ අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල දෙකම පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button