ප්‍රධාන පුවත්

පිලිපීනයේ මැනිලා නුවරට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිල සංචාරයකට පිටත් වෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පිලිපීනයේ මැනිලා නුවරට නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

එම සංචාරය අතරතුර ඇය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කර ඇති විශේෂ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරිය මැනිලාහි පිහිටි Ninoy Aquino ජාත්‍යන්තර ගුවන්තොටුපළට (NAIA) පැමිණි අවස්ථාවේදී, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා ඇතුළු එරට රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් ඇය උණුසුම්ව පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර මැනිලාහි පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරියට නියමිතය.

එමෙන්ම කාන්තා දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා, අන්‍යෝන්‍ය උනන්දුවක් ඇති ක්ෂේත්‍ර පිළිබඳව පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරිය නියමිත බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button