
ධීවර සහ නාවික ප්‍රජාව හට අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව වෙත විශේෂ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (16) පෙරවරු 10.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (17) පෙරවරු 10.30 දක්වා බලපැවැත්වේ.
ඒ අනුව කංකසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකියි.
එම මුහුදු ප්‍රදේශවල මුහුද විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර දිවයින වටා සෙසු මුහුදු ප්රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45ත් 50ත් අතර දක්වා වැඩි විය හැකි අතර, එම ප්රදේශවලද මුහුද රළු වීමේ හැකියාවක් පවතී.
එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, මුහුදු කටයුතුවලදී අවශ්‍ය පූර්වාරක්ෂාවන් අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



