
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වෙයි
2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමිව ඇති අතර, විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 60කි.
2027 අයවැය දෙවන වර කියවීමේදී පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක්
ඒ අනුව පක්ෂව සහ විපක්ෂව ලැබුණු ඡන්ද අතර 97ක වැඩි ඡන්ද පරතරයක් සහිතව 2027 අයවැය දෙවන වර කියවීම සම්මත වී ඇත.
2027 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට අද (20) දක්වා දින හතක් පුරා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.
මේ අතර, අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.



