
A/L භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් හමුවෙයි
A/L භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් අම්බලන්තොටින් හමුවෙයි
අම්බලන්තොට උසස්පෙළ විභාග මධ්‍යස්ථානයක ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට (14) පැවැත්වීමට නියමිත A/L භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම A/L භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට් නිරාවරණය වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙන අතර, අද පැවැත්වෙන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සහිත බහාලුම් පරීක්ෂා කිරීමේදී මෙම සිදුවීම අනාවරණය වී ඇත.
අද පැවැත්වෙන සංගීතය, නර්තනය සහ කෘෂිවිද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු බහාලුම් තුළ තිබී හෙට පැවැත්වීමට නියමිත A/L භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 06ක් මෙලෙස හමුවී තිබේ.
මෙම ප්‍රශ්න පත්‍ර පැකට් කිසිවක් විවෘත කර නොමැති බවත්, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.



