ප්‍රධාන පුවත්

මහර බන්ධනාගාරයේ හානි ගැන පැහැදිලි කිරීම

මහර බන්ධනාගාරයේ හානි සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.

අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන් විසින් සිදු කළ ක්‍රියාවන් හේතුවෙන් මහර බන්ධනාගාර හානි රැසක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්‍රධාන ජේලර් කාර්යාලය සහ බන්ධනාගාර රෝහලට දැඩි හානි සිදුව තිබේ.

මෙම මහර බන්ධනාගාර හානි සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සාමකාමී බවත් ඔහු පැවසීය.

එමෙන්ම රැඳවියන්ගේ ඥාතීන්ගෙන් සාමකාමී ලෙස එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button