
ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර සඳහා ඉරානය භාවිත කළ Khorramshahr-4 බැලස්ටික් මිසයිලයේ විස්තර
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව සිදුකරමින් ඇති ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයද අසල්වැසි ප්‍රදේශ හා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්ර කර ඇති බව වාර්තා වේ.
එවැනි තත්ත්වයක් අතරතුර ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර සඳහා තමන් විසින් නිෂ්පාදනය කරන ලද “Khorramshahr-4” බැලස්ටික් මිසයිලය භාවිත කළ බව ඉරානය පවසයි.
Khorramshahr වර්ගයේ බැලස්ටික් මිසයිල පද්ධතිය ඉරානය සතු අති නවීන දිගු දුර ප්‍රහාරක අවි පද්ධතිවලින් එකක් ලෙස සැලකේ. මෙම මිසයිලයට එකවර ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මීටර් 13ක පමණ දිගකින් යුත් මෙම මිසයිලය සාමාන්‍ය බස් රථයක දිගට සමාන වන අතර, උපරිම වශයෙන් කිලෝමීටර් 2000ක දුරක් ගමන් කළ හැකි බවද පැවසේ.
එමෙන්ම ටොන් 1.5ක් පමණ බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමටද මෙම මිසයිලයට හැකියාව තිබේ.
Khorramshahr බැලස්ටික් මිසයිල පද්ධතිය 2017 වසරේ සිට ඉරානයේ අවි ගබඩාව තුළ පැවති බව සඳහන් වන අතර, එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ 2023 වසරේදීය.



